හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘත කරන්නැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරයි.
එසේ සිදු කරමින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසත් වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙයි.
වෙළඳ සැලේ පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු දෑ ඔවුන් වෙනුවෙන් ලබා දෙන මෙන් ඉල්ලා සිටින බවත් පැවසු යුද හමුදාපතිවරයා, මහජනතාව වෙළඳ සැලට ඇතුළු වීමේ දී සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවත් අවධාරණය කරයි.
එකම ස්ථානයකට රැස් නොවී හැකි සෑම ස්ථානයකට ජනතාවට බෙදී යන ලෙසත් දැනුම් දෙන යුද හමුදාපතිවරයා, මෙම තත්ත්වය ඉතා භයානක බවත් ඇඳිරි නීතිය ළිහිල් කර ඇති කාලය අවභාවිතා නොකර සියලු දෙනා කටයුතු කරන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.
නොදැනුවත්ව වෛරසය ආසාදනය වු පුද්ගලයින් අසල සිටිය හැකි බැවින් ඉතා කල්පනාකාරීව තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නා ලෙසත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන සියලු දෙනා කටයුතු කිරීම සමාජ වගකීමක් බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.



