අනුරපුරේ ගලෙන්බිඳුනුවැව, කහටගස්දිගිලිය හා හොරොව්පතාන වෙළඳසැල් වසා දමයි

Share

අනුරාධපුරයේ ගලෙන්බිඳුනුවැව, කහටගස්දිගිලිය හා හොරොව්පතාන නගරවල සියලු වෙළඳ සැල් ඇඳිරි නීතිය ඉවත් කළ ද අද(30) දිනය තුළ වසා දැමීමට තීරණය කර තිබේ.

 

එම ප්‍රදේශයට අද උදෑසන 6 ට ඇඳිරි නීතිය තාවකාලිව ඉවත් කරන අතර නැවතත් සවස 2 ට ඇඳිරි නීතිය පනවනු ලබයි.

සෙනසුරාදා(28) දිනයේ දී අකුරණ ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනා ගත් අතර, එම පුද්ගලයා මෙම ප්‍රදේශයන්හි ගැවසී ඇතැයි දැනට තොරතුරු ලැබී තිබෙන බව වාර්තා වෙයි.

‍නමුත් රාජ්‍ය බැංකු, ඉන්ධන පිරවුම්හල් හා ඖෂධ වෙළඳ සැල් ‍අද දිනයේ විවෘතව පවතියි.

Read more

Local News