නිරෝධායනය වු 132 ක් අද නිවෙස්වලට

Share

විදෙස් රටවල සිට පැමිණෙන යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වූ තවත් කණ්ඩායමක් අද(30) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

 

ඒ අනුව 132 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව යන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මින් පුද්ගලයින් 76 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට ඇති අතර සෙසු 56 දෙනා පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට තිබේ.

ඒ අනුව මේ වන විට නිරෝධායනයට ලක්ව සිය නිවෙස් වෙත පිටත්ව ගිය සංඛාව 1565 ක් බව යුද හමුදාව සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථා‍න 41 ක පුද්ගලයින් 2096 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටින අතර ඉන් 20 දෙනෙකු විදෙස් ජාතිකයින් බව සඳහන් වෙයි.

Read more

Local News