අනවශ්‍ය ලෙස ඖෂධ ඇනවුම් කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, එලෙස ඖෂධ ඇනවුම් කිරීම හේතුවෙන් රට තුළ ඖෂධ හිඟයක් ඇති විය හැකි බවයි.
රෝගීන්ට අවශ්‍ය ඖෂධ, මධ්‍යම තැපැල් හුවමාරුව හරහා බෙදා හැරීමේ වැඩපිළිවෙළ ඊයේ සිට ආරම්භ විය.



