ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ දියණියක් ලෙස පෙනී සිටි කතක් ඕස්ට්‍රේලියාවේ දී සිදු කළ දේ

Share

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරියෙකුගේ දියණිය ලෙස පෙනී සිටි කතක් ඕස්ට්‍රේලියාවේ දී ඩොලර් මිලියන 29 ක මුදල් වංචාවක් සිදු කර ඇතැයි එරට පොලීසිය වාර්තා කරයි.

 

ඕස්ට්‍රේලියාවේ දරුවන් තිදෙ‍නෙකුගේ මවක් ලෙස පෙනී සිට ඇති මෙම කාන්තාව ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ දියණිය ලෙස තමාව හඳුන්වා දී තිබේ.

ඇය පිළිබඳ තොරතුරු මාධ්‍යයට හෙළි කළ නොහැකි බවත් පවසන එරට පොලීසිය ඇයට චෝදනා රැසක් එල්ල වී ඇතැයි ද සඳහන් කරයි.

ධම්මික පෙරේරාගේ වත්කම ඩොලර් මිලියන 550 ක් පමණ වන බවත් වාර්තා කරනු ලබන විදෙස් මාධ්‍ය ඔහු සමඟ එකට සිටින ඡායාරූප පවා මෙම කාන්තාව ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි වාර්තා කරයි.

ඇය ධම්මික පෙරේරා සමඟ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ කර ඇති අතර, එමඟින් අයෝජකයින් සමඟ ගනුදෙනු සඳහා එය පිටුවහලක් කර ගෙන ඇතැයිද වි‍දෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කාන්තාවට බැංකු ගිණුම් 140ක් පමණ ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි සඳහන් කරනු ලබන ‍එරට පොලීසිය, එක් අයෝජ‍කයෙකුගෙන් ලබා ගන්නා මුදල් තවත් අයෙකුට පොලියට ලබා දී ඇතැයිද සඳහන් කරයි.

මෙම කාන්තාව තමා ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව සමාජයට පෙන්වා ඇතැයි ද වාර්තා කරන විදෙස් මාධ්‍ය “ග්‍රෑන්ඩ් සුපර් රිච්” නමින් හඳුන්වනු ලබන ඇයගේ ආයෝජන සමාගමක් හරහා මෙම මුල්‍ය වංචාවන් සිදු කර ඇතැයි ද වාර්තා කරයි.

ඇයගේ මෙම හැසිරීම හමුවේ බොහෝ අයෝජකයින් මුදල් මෙම සමාගමට යොදවා ඇති නමුත් එම මුදල් මෙම කාන්තාව විසින් වංචා කර තිබීම ඇයට ඇති ප්‍රධානතම චෝදනාවයි.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි 21 වන දින ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයට ඇති මුල්‍ය වංචා චෝදනා මෙන්ම සියලු‍ චෝදනා සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන සිදු කරමින් පවතින බවත් වාර්තා වෙයි.

Read more

Local News