අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් අද අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
මේ වන විට ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙනයාමේ ක්‍රියාමාර්ග පිළිබඳ පූර්ණ සමාලෝචනයක් මෙහිදී සිදුකර ඇති අතර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.
ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට නොහැකි වී සිටිනපුද්ගලයින්ට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ දැනට ක්‍රියාත්මක වැඩසටහනපිළිබඳව පසු විපරම් සිදු කිරීම මෙන්ම බෙහෙත් ද්‍රව්‍ය සැපයීම පිළිබදව තැපැල් දෙපාර්තමේන්තුව හා සමගාමීව ආරම්භ කරනු ලැබූ නවතම වැඩපිළිවෙල පිළිබදව අවධානය යොමුකර තිබේ.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වීම මත අසරණවසිටින පවුල් සදහා සහන සැලසීමේ ක්‍රියාමාර්ගය පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.
එමෙන්ම දේශීය ආහාර නිෂ්පාදනය ඉහල නංවා ඉදිරි කන්නය වනවිට සහල්, එළවළු, මාළු, කුකුල් මස් වැනි ද්‍රව්‍යවලින් රට ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කාර්ය සාධක බලකායේ අවධානයට ලක්ව ඇති බව සදහන්.
සමෘද්ධීලාභීන්ට රුපියල් 5000 ක දීමනාව ලබාදීමේ ක්‍රියාවලියහෙට දිනය වන විට සම්පූර්ණ කිරීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.



