කොරෝනා වෙෙරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
අද දින පෞද්ගලික රෝහලක සිට මීගමුව රෝහලට මාරු කර ඒවා තිබෙන අතර මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙන්නේ අද දිනයේදීය.
තවද ඔහු හෘදයාබාධයකින් පෙළි තිබෙන බවත් දීර්ඝ කාලීන ශ්වසන ආබාධයකින්ද පෙළුණු බවත් වාර්තා වෙයි
ඒ අනුව කොරෝනා වෙෙරසය ආසාදනය වී මිය ගිය ලාංකිකයන් සංඛ්‍යාව දෙකකි.




