ඇඳිරි නීති කඩ කළ 7000ක් අත්අඩංගුවට

Share

අද(30) උදැසන 6 සිට අද සවස 6.00 දක්වා වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 173ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 24ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

 

ඒ අනුව මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 7098ක් වන අතර පොලිස් භාරයට ගෙන තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 1702ක්.

අත්අඩංගුවට ගත් පිරිස අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද වෙයි.

ආරච්චිකට්ටුව පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඇඳිරි නීති රාජකාරිවල නිරතව සිටි නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමකට බාධා කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්ය.

මන්ත්‍රීවරයා අද හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේය.

Read more

Local News