වට්ස්ඇප්-වයිබර් නැති අයට ඖෂධ ලබා දෙන ආකාරය

Share

රාජ්‍ය ඔසුසැල් වලට වයිබර් හා වට්ස්ඇප් හරහා ලැබෙන ඇනවුම් සදහා ඖෂධ නිකුත් කිරීම තැපැල් දෙපාර්තමේන්තුව හරහා මේ වනවිටත් අඛණ්ඩව සිදුකරයි.

 

ඒ පිළිබද තොරතුරු නිරික්ෂණය කිරීම සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණියේය.

මේ අතර ඖෂධ නිවෙස් වලටම බෙදාහැරීමේ වැඩසටහන යටතේ තංගල්ල මූලික රෝහලේ සායනිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ ඊයේ නිවෙස් වලටම ගොස් ලබාදීමට එම රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්තේ ජංගම රථයක්ද යොද ගනිමින්ය.

මේ අතර කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වූ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත සායනික ප්‍රතිකාර වලට පැමිණෙන ජනතාවගේ ඖෂධ තැපැල් මගින් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් බෙදාහැරීම අද දිනයේදී ආරම්භ කරනු ලැබුවේය.

Read more

Local News