මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු රෝගියකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ අද දහවල් එහි නොසන්සුන් තත්වයක් හටගත්තේය.
එම රෝගියා රෝහලට ඇතුළත් කර ඇත්තේ පෞද්ගලික රෝහලක සිට වන අතර ඔහුට කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි එම රෝහලෙන් මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් එම රෝගියා තමන්ට හෘදරෝගී තත්ත්වයක් ඇති බව පැවසීම නිසා ඔහුව ඇතුළත් කර ඇත්තේ සාමාන්‍ය වාට්ටුවකටයි.
එම සිදුවීමත් සමග රෝහලේ කාර්යය මණ්ඩලය නොසන්සුන් වී ඇති අතර ඒ අනුව මීගමුව මහ රෝහලට රෝගීන් ඇතුල් කර ගැනීම සහ ඉන් පිටවීම තාවකාලිව අත්හිටුවීමට රෝහල් පරිපාලනය තීරණය කළේය.



