නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,500 ද ඉක්මවා ගොස් තිබේ.
මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, අමෙරිකාව මේ වනවිට වෛරස ව්‍යාප්තියේ උපරිමයට ළගාවී ඇති නමුත් තත්ත්වය පාලනය කරමින් සිටින බවයි.
කෙසේ නමුත් කොරෝනා ව්‍යාප්තියේ වැඩි බලපෑමට ලක්වු නිව්යොර්ක්හි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ, වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා තවත් සහය අවශ්‍ය බවයි.
මේ අතර මරණ ගණන 3, 000 ඉක්වූ පස්වැනි රාජ්‍යය බවට ප්‍රංශය ඊයේ (30) පත් විය.
චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වුණු නව කොරෝනා වෛරසය අද වනවිට ලොව රටවල් සහ කලාප 200කට ආසන්න ප්‍රමාණයක් වෙත ව්‍යාප්තව පවතියි.
අද (31) උදෑසන වනවිට වෛරස ආසාදිතයින් 784,381 හඳුනාගැණුනු අතර සිදුව ඇති මරණ ගණන 37,780ක් ලෙසින් දැක් විය.
සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 165,000කට ආසන්නයි.




