විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා, යුද හමුදාව මගින්, ලබන 02වැනිදා සහ 03වැනිදා දිනවල විශ්‍රාමිකයින් බැංකු වෙත රැගෙන ගොස් ගෙදරට ඇරලවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
”අප්‍රේල් මස දෙවැනි සහ තුන්වෙනි දින විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිතව තිබෙනවා. මේ අනුව මේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නියමිත වන්නේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඉතිං ඒ නිසාම රජයෙන් තීරණය කරලා තියනවා ඔවුන්ම මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව ඒ දෙදින තුළ ඔවුන්ගේ නිවෙස් සිට බැංකුවලට රැගෙන ගොස් ඔවුන්ගේ එම විශ්‍රාම වැටුප් ලබාදී නැවත ඔවුන්ගේ නිවෙස්වෙත බස්සවන ක්‍රමවේදයක්. ත්‍රිවිධ හමුදාව මේ සඳහා යොදවලා, ත්‍රිවිධ හමුදාව ග්‍රාමසේවක මහතුන් අතර සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා පොලීසිට සමග සම්බන්ධතාවයෙන් මෙසේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තම නිවෙස්වලින් බැංකු දක්වා රැගෙන ඒමටත් බැංකුවෙන් එම මුදල් ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන්ම නිවෙස් බලා රැගෙන යාමට ත්‍රිවිධ හමුදාව විසින් කටයුතු කරනු ලබනවා”



