කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන් එම අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වනදා කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපනය කරනු ලැබිය.
දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් ද මේ වන විට මෙම අරමුදලට දායක වී ඇති අතර ලංකා බැංකුවේ අංක 85 73 73 73 යන විශේෂ ගිණුමට ඒ සඳහා මුල්‍ය ප්‍රදානයන් සිදු කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.



