සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියා ලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ දුරකථනයෙන් කථා කළ ජනාධිපතිවරයා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකඟ කර ගන්නැයි පැවසීය.



