නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී කළ වැටලීමකදී සොයාගත් රුපියල් මිලියන 12,500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට අද රැගෙන ආවේය.
ඊයේ සිදු කළ මෙම වැටලීමේදී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 බැගින් සොයා ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
සයුර නෞකාව ගැඹුරු මුහුදේ ආවේක්ෂණ රාජකාරීවල නිරතව සිටින අතරතුර දකුණු වෙරළට නාවික සැතපුම් 463 ක දුරකදී විදේශීය ධජයක් සහිත අදාළ නෞකාව හමුවූ බව නාවික හමුදාව සඳහන් කළේය.
එය පරීක්ෂාවට ලක් කිරීමේදී අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍යවලට අමතරව, බාබුල් පැකට් 200 ක් සහ හඳුනා නොගත් මත්පෙති ග්‍රෑම් 100ක් සොයාගෙන තිබුණි.



