කොරෝනා රෝගය යැයි සැක සහිත රෝගී ලක්ෂණ සහිතව දෙබරවැව පුද්ගලික බෙහෙත් ශාලාවක් වෙත ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු අද(01) හම්බන්තොට මහ රෝහලට යොමු කෙරුණි.
පොලිසිය පැවසුවේ, තිස්සමහාරාම රත්නෙළුම්වලයාය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙකු වන ඔහු තංගල්ල සංචාරක හෝටලයක සේවය කර ඉකුත් 18 වැනිදා නිවස වෙත පැමිණ ඇති බවයි.
ඒ අතරතුර ඔහු හම්බන්තොට දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය එම්.එන්.එච්.ක්‍රිෂාන්ත මහතාගේ දෙබරවැව පිහිටි පුද්ගලික බෙහෙත් ශාලාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද පැමිණ තිබුණි.
ඔහුගේ නිවස පරීක්ෂා කළ සෞඛ්‍ය අංශ, මව සහ පියාත්, යාබද නිවසේ පුද්ගලයින් පස්දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළේය.



