ඇඳිරි නීතිය උල්ලංඝනය කර දිවයින පුරා අත්අඩංගුවට පත් පිරිස 12223 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය මාර්තු 20 වන දින සිට අද උදෑසන 6 දක්වා මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.
මෙම කාලය තුළ වාහන ද 3017 ක් අත්අඩංගුවට පත්ව තිබේ.
ඊයේ(03) උදෑසන 6 සිට ගතවු පැය 24 ට පමණක් පුද්ගලයින් 1493 ක් අත්අඩංගුවට පත්ව ඇති අතර වාහන 360ක් පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



