ගෝලීය වසංගතයක් වශයෙන් ගොව පුරා ව්‍යාප්ත වන කාෙරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව රටෙහි ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබා දිම අරමුණු කර ගෙන රට තුල ආහාර නිෂ්පාදනය කඩ්නම් කිරිමේ වැඩපිලිවෙළක් රජය ආරම්භ කර තිබේ.
එහි එක් වැදගත් වැඩ පිලිවෙලක් ලෙස නාගරික සහ අර්ධ නාගරික ජනතාව ඇතුලු සමස්ත ජනතාව ඉලක්ක කරගනිම්න් ගෙවතු දස ලක්ෂයක් වගා කිරිමේ සෞභාග්‍යා ගෙවත්ත කඩ්නම් වැඩසටහන ආරම්භ කොට තිබේ. මෙහිදි බීජ වර්ග 5කින් යුත් බීජ පැකට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් රුපියල් 20ක් වැනි ඉතා සහන ම්ලකට ලබා දෙන අතර තවද වර්ග 3කින් යුතු එලවලු පැළ සහිත බදුනක් ද රුපියල් 20ක සහන ම්ලකට සුදුසු පරිදි කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින් හරහා ඔබට ලබා දිමට කටයුතු සුදානම් කර තිබේ
මේ සදහා කෘෂි කර්මාන්ත දෙපාර්තමේන්තුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යන ආයතන දායක වි තිබේ.
මෙම වැඩසටහන ඉලක්ක කර ගනිම්න් විශේෂිත වෙබ් අඩවියක් ආරම්භ කර කිබේ.
ඒ අනුව www.saubagya.lk යන වෙබ් පිටුව වෙත පිවිසිමෙන් ගෙවතු වගාව සදහා ඔබට අවශ්‍ය බීජ සහ පැළ ඇනවුම් කළ හැක. තවද ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි අතර ඔබගේ වටිනා අදහස් අන්‍යයන් සමග බෙදාගැනිම මෙන්ම ඔබ සතු යෝජනාද මේ තුලින් ඉදිරිපත් කළ හැක. ඒහිදි ගෙවතු වගාවේ නියැලෙන ඔබට මෙම වෙබ් පිටුව ඒ සදහා වේදිකාවක් ලෙස යොදාගත හැකිවිම විශේෂත්වයකි.
ම්ට අමතරව දැනට ආනයනික අතිරේක බෝග වගාවන් 14ක් රට තුල ප්‍රවර්ධනය කිරිමේ දීප ව්‍යාප්ත වැඩපිලිවෙලක්ද අප්‍රේල් 4 වන දින ආරම්භ විමට නියම්තයි.
මෙම සමස්ථ වැඩසටහන තුලින් අපේක්ෂා කරනුයේ අර්බුදකාරි අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දිම සදහා රට රට තුල ආහාර නිෂ්පාදය ගැටලුවක් නොවිමට වග බලා ගැනීමයි. මෙම සියලු තත්ත්වයන් අවබෝධ කරගෙන සෞඛ්‍ය අංශයේ උපදෙස් නිසිආකාරව පිලිපදිම්න් මෙම වැඩසටහනට උනන්දුවෙන් හා උද්යෝගයෙන් දායක වන ලෙසට මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාම්ය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා රජය වෙනුවෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටි.



