අද සිට නිවසේ සිට වැඩකරන කාලසීමාව දීර්ඝ කරයි

Share

අද (6) සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය නිවසේ සිට වැඩකරන තවත් කාලසීමාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

 

මීට පෙරද රජය විසින් නිවසේ සිට වැඩකරන කාලසීමාවන් ප්‍රකාශයටපත් කර තිබුණි.

මේ අතර දිස්ත්‍රික්ක 19ක් සදහා පනවා තිබූ ඇඳිරි නීතිය අද උදැසන 06.00ට ඉවත් කෙරුණි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක සඳහා පස්වරු 02.00ට ඇදිරි නීතිය පනවන අතර එය යලි දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෙසේවෙතත් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනයයන දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය යලි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි.

Read more

Local News