කොරෝනා ආසාදිතයින් ගණන 176ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වනආසාදිතයින්ගේ සංඛ්‍යාව 176ක් දක්වා ඉහල ගොස් තිබේ.

 

ඒ අනුව ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනිමට හැකි වූ බවයි වංසගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙලෙස හඳුනාගත් රෝගීන්ගෙන් තිදෙනෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර තහවුරු වූ අනෙක් රෝගියා මහනුවරින් වාර්තා වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාංසිංහ මහතා සඳහන් කළේ.

මේ වන විට රෝගීන්  33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

කෙසේවෙත් රෝගීන් 138 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 259 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවද සඳහන්.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ්නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 45 ක් දක්වා ඉහල ගොස් තිබේ.

මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් 176 දෙනාගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 39 දෙනෙකු ද ආසාදිතයින් අතර වනවා. පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.

යාපනය සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 7 දෙනෙකු, හඳුනාගෙන ඇති අතර රත්නපුර, කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News