මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යන නෞකාවක සිටි ලාංකිකයා නාවික හමුදාව විසින් මෙරටට භාරගෙන තිබේ.
ඒ පූර්ණ විෂබිජහරණයකින් පසුව වන අතර ඔහු දින 21ක ස්වයං නිරෝධායන ක්‍රියාවලියක් සදහා ගාල්ල බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරනු ලබන බව නාව්ක හමුදා ප්‍රකාශයකු සදහන් කළා.
මෙහි සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා ජනපතිගේ අනුමැතිය හිම්විය.
ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා නම් මගී නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා අද කොළඹ වරායේ නැංගුරම් දමනු ලැබිය
මෙහි සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළා
ඒ, අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින්ය.



