සියත ලෙන්ගතුකම ඩයලොග් සමග ඔබ සමීපයට ම

Share

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මගපෙන්විම යටතේ ඩයලොග් සමග අත්වැල් බැදගනිම්න් අප ආරම්භ කළ සියත ලෙන්ගතුකම මානුෂිය ක්‍රියාන්විතය අද (06) දෙවන දිනයේදී කොළඹ සහ හෝමාගම ජනතාවට සහනයක් වනු පිණිස විහාරස්ථාන වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම සිදු කළා.

 

ඒ හෝමාගම පුරාණ රජ මහා විහාරය, අතුරුගිරිය පෝරේ පුරාණ විහාරය සහ රුක්මල්ගම ධර්මවිජය ආශ්‍රමය කේන්ද්‍ර කර ගනිමින්.

එහි පළමු පියවර ඊයේ (05) දින පෙරවරුවේ සියත අපි ඩයලොග් හා එක්ව ‍මහනුවර ඓෙතිහාසික මල්වතු මහා විහාර පරිශ‍්‍රයේදී ආරම්භ කළා.

අනතුරුව අස්ගිරි මහා විහාරස්ථානට සහ මහනුවර දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් වල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වියළි ආහාර ලබාදීමත් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප‍්‍රියන්ත කාරියප්පෙරුම මහතා සහ අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරම්න් කාවින්ද කාරියප්පෙරුම මහතා ඇතුළු පිරිස සහභාගි වුනා.

ඔබට කවදත් ලෙන්ගතු සියත, ඩයලොග් හා එක්ව ඉදිරියේදී හැකි ඉක්මණින්ම ඔබේ ගමේ නගරයේ විහාරස්ථානයන්ට වගේම මුළු රටේම ආගම්ක සිද්ධස්ථාන සියල්ල ආවරණය වන පරිදි මේ මොහොතේ නිවසටම වී සිටින ඔබට රුකුලක් වෙන්න අපි එනවා.

අපේ රට කොව්ඩ් 19 හෙවත් කොරෝනා වෙෙරසයට ගොදුරු වෙම්න් පවතින මොහොතක අපි අපේ මාධ්‍ය වගකීම වගේම මනුස්සකමත් පෙරදැරිව ඔබට අවශ්‍යම වෙලාවේ අත්‍යාවශ්‍ය වියළි ආහාර සැපයීමට කටයුතු කරන්නෙමු. ඉදිරියේදිත් අප ඔබ සමගයි.

නිවසටම වී සිට්න්න. අපි ආරක්ෂා වුනොත් මුළු රටම සුරක්ෂිත වෙයි.

Read more

Local News