අද කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Share

අද(07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

අද දහවල් 2.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම  අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

කොළඹ 09, කොළඹ 14, නවගම්පුර යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.

එමෙන්ම කොළඹ 15 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read more

Local News