සියත ලෙන්ගතුකම ඩයලොග් සමග සිව්වන දිනටත් ඔබ සමීපයට ම

Share

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මගපෙන්විම යටතේ ඩයලොග් සමග අත්වැල් බැදගනිම්න් අප ආරම්භ කළ සියත ලෙන්ගතුකම මානුෂිය ක්‍රියාන්විතය අද(08) සිව්වන දිනයේදිත් ජනතාවට සහනයක් වනු පිණිස ආගම්ක ස්ථාන වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම සිදු කළා.

 

අද දින කොලඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිම්න් ගමන් ඇරඹු අප වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි අජාස් සෆික් මහතාගේ ප්‍රධානත්වයෙන් මස්ජිද් තක්වා මුස්ලිම් පල්ලිය වෙත වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම සිදු වුනා.

සියත ලෙන්ගතුකම ඩයලොග් සමග ඊයේ (07) තෙවන දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සහනයක් වනු පිණිස විහාරස්ථාන වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම සිදු කළා.

ඒ අනුව අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් වෙත අත්‍යවශ්‍ය වියළි ආහාර ද‍්‍රව්‍ය ලබා දීම සිදු කෙරුණා.

පසුව රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ වෙත එම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත වියළි ආහාර ද‍්‍රව්‍ය භාරදීම සිදු කරනු ලැබුවා.

මේ අතර සියත ලෙන්ගතුකම මානුෂිය ක්‍රියාන්විතය දෙවන අදියර (06) සදුදා දිනයේදී කොළඹ සහ හෝමාගම ජනතාවට සහනයක් වනු පිණිස විහාරස්ථාන වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම සිදු කළා.

ඒ හෝමාගම පුරාණ රජ මහා විහාරය, අතුරුගිරිය පෝරේ පුරාණ විහාරය සහ රුක්මල්ගම ධර්මවිජය ආශ්‍රමය කේන්ද්‍ර කර ගනිමින්.

එහි පළමු පියවර පසුගිය ඉරිදා (05) දින පෙරවරුවේ සියත අපි ඩයලොග් හා එක්ව ‍මහනුවර ඓෙතිහාසික මල්වතු මහා විහාර පරිශ‍්‍රයේදී ආරම්භ කළා.

අනතුරුව අස්ගිරි මහා විහාරස්ථානට සහ මහනුවර දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් වල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වියළි ආහාර ලබාදීමත් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප‍්‍රියන්ත කාරියප්පෙරුම මහතා සහ අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරම්න් කාවින්ද කාරියප්පෙරුම මහතා ඇතුළු පිරිස සහභාගි වුනා.

ඔබට කවදත් ලෙන්ගතු සියත, ඩයලොග් හා එක්ව ඉදිරියේදී හැකි ඉක්මණින්ම ඔබේ ගමේ නගරයේ විහාරස්ථානයන්ට වගේම මුළු රටේම ආගම්ක සිද්ධස්ථාන සියල්ල ආවරණය වන පරිදි මේ මොහොතේ නිවසටම වී සිටින ඔබට රුකුලක් වෙන්න අපි එනවා.

අපේ රට කොව්ඩ් 19 හෙවත් කොරෝනා වෙෙරසයට ගොදුරු වෙම්න් පවතින මොහොතක අපි අපේ මාධ්‍ය වගකීම වගේම මනුස්සකමත් පෙරදැරිව ඔබට අවශ්‍යම වෙලාවේ අත්‍යාවශ්‍ය වියළි ආහාර සැපයීමට කටයුතු කරන්නෙමු. ඉදිරියේදිත් අප ඔබ සමගයි.

නිවසටම වී සිට්න්න. අපි ආරක්ෂා වුනොත් මුළු රටම සුරක්ෂිත වෙයි.

Read more

Local News