අමෙරිකාවේ කොවිඩ් 19 මරණ ගණන පසුගිය පැය 24 තුළ ලෝකයේ සෙසු රටවල් අභිබවා ගියේය.
අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 12,800 දක්වා ඉහළට වාර්තා විය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂව කටයුතු කරන බවයි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයට තම රට දෙන අරමුදල් ඉදිරියේදී අත්හිටුවන බව අමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනාත්මකව පවසා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අද වාර්තා කළේය.
මේ අතර කොවිඩ් – 19 වෛරස් රෝග ලක්ෂණ “උත්සන්නවීම” හේතුවෙන් රෝහල් ගත කෙරුණු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට දෙවන දින රාත්‍රියේත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදුව තිබේ.
එරට සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ, එක්සත් රාජධානිය තුළ වෛරසය ආසාදිත රෝගීන් 439ක් ඊයේ දිනය තුළ මියගොස් ඇති බවයි.
ඒ අනුව එක්සත් රාජධානිය තුළ සිදු වී ඇති මුළු මරණ සංඛ්‍යාව 6,159 කි.
මේ අතර, සතුන් අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බළලුන් නිවෙස්වලම තබා ගන්නැයි බ්‍රිතාන්‍යය පශු වෛද්‍යවරු පිරිසක් විසින් උපදෙස් දී තිබේ.




