කොවිඩ් 19 හේතුවෙන් ඇමේසන් කලාප ජීවත්වන ආදිවාසීන් ලොවට අහිමිවීමේ අනතුරක් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙයි.
බ්‍රසීලයේ වෛරසය ආසාදිත ජන සංඛ්‍යාව 14,000 කට අධික වූ අතර මරණ සංඛ්‍යාව 688 කි.
අද වන විට ලෝකයේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දාහතර ලක්ෂය ඉක්මවා ගොස් අවසන්ය.
එහි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ අමෙරිකාවෙන්ය.
එම සංඛ්‍යාව 400,549කි.
යුරෝපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එය 146,690කි.
ඊට අමතරව ඉතාලියෙන් ආසාදිතයින් 135,586ක්, ප්‍රංශයෙන් 109,069ක්, ජර්මනියෙන් ආසාදිතයින් 107,663ක් වාර්තා වෙයි.




