කොරෝනා බවට සැක රෝගීන්ට ප්‍රතිකාර සදහා විශේෂ රෝහල් 4ක්

Share

කොවිඩ් නයින්ටීන් රෝගින් බවට සැකකෙරෙන රෝගින් සඳහා ප්‍රතිකාර කිරිමට කොළඹ ,ගම්පහ , කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල විශේෂ රෝහල් 04ක් වෙන්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති එම දිස්ත්‍රික්ක 4 තුළ රෝගින් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් සැකකටයුතු රොගින්ගේ ප්‍රතිකාර හා පරික්ෂණ කටයුතු සඳහා මෙලෙස රෝහල් 04ක් නම් කර ඇති බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා මෙම අදහස් පළ ‍කළේය.

Read more

Local News