අණ නොතකා ධාවනය වු මෝටර් රථයේ සිටි සිව්දෙනා අප්‍රේල් 17 දක්වා රිමාන්ඩ්

Share

එ‍ගොඩඋයන වසමේ මෝදර අළුත් පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අන නොතකා ධාවනය වු මෝටර් රථයකට පොලීසිය විසින් පසුගිය දා වෙඩි තැබීමක් සිදු කර තිබේ.

 

එහිදී වෙඩි තැබීම හේතුවෙන් කාර් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තුවාලකරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු සමඟ තුවාල ලැබු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබුවන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඊයේ(08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු හා බන්ධනාගාර නිලධාරීන් බාරයේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් දෙදෙනා ඊයේ දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ වන විට අප්‍රේල් 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරු තවදුරටත් බන්ධනාගාර නිලධාරීන් බාරයේ එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටියි.

එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News