කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197 ක් දක්වා ඉහළට

Share

ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එමෙන්ම  පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් 54 දෙනකු මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 197 ක් ලෙස වාර්තා වෙයි.

එම අසාදිතයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Read more

Local News