නුවරඑළිය පොලිස් වසමේ එදිරිසිංහ මාවත ප්රදේශයේ දී හෙරොයින් ග්රෑම් 16යි මිලිග්රෑම් 364 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(11) සවස 4 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී වයස අවුරුදු 25 ක පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහු හාවාඑළිය, නුවරඑළිය ප්රදේශයේ අයෙක් බව පොලීසිය පවසයි.
සැකකරු අද(12) නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



