සිංගප්පූරු සහ ඩුබායි සිරවී සිටි ලාංකිකයින් 14 ක් දිවයිනට

Share

‍මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල ගුවන්තොටුපල දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

 

සිංගප්පූරු සහ ඩුබායි යන රටවල සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ රාත්‍රි මෙලෙස දිවයිනට පැමිණ ඇති බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

ඒ අනුව සිංගප්පූරුවෙන් 09 දෙනෙකු සහ ඩුබායි රාජ්‍යයෙන් 05 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

දිවයිනට පැමිණි එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරිමට පියවර ගත් බව ද ජී.ඒ චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

විදෙස් රටවල ගුවන්තොටුපල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනිම සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණි.

Read more

Local News