මෙරට සිටි මලයාසියානු ජාතිකයින් 81ක් හෙට සියරටට යයි

Share

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

 

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාල රටවල තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.

මේ අතර මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර හිත්‍රෝ ගුවන්තොටුපලේ රැඳී සිටි කාන්තාවක් ඇතුළු ශ්‍රී ලාංකකයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ ඇත.

හිත්‍රෝ ගුවන්තොටුපලේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 504 දරණ ගුවන් යානයෙන් ඔවුන් දෙදෙනා අද දහවල් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරිමට පියවර ගත් බව ද ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටි පුද්ගලයින් 21 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ජී.ඒ චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ.

මේ අතර මෙරට රැඳී සිටින මලයාසියානු ජාතිකයින් 81 දෙනෙකු හෙට දිනයේ මලයාසියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

මලයාසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් මෙරටින් පිටව යාමට නියමිත බවයි මලයාසියානු මාධ්‍ය වාර්තා කළේ.

මේ අකාරයට පසුගිය දින කිහිපය තුළ මෙරට රැදී සිටි විදේශකයින් විශාල පිරිසක් දිවයිනෙන් පිටවගිය බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒචන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

Read more

Local News