ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (14) පෙරවරුවේ ජාතිය ඇමතීමට නියමිතව ඇත.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මස 25 වනදා සිට සති 03 ක කාලයක් සඳහා ඉන්දියාව සම්පුර්ණයෙන්ම වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා පියවර ගත්තේය.
එම කාලය හෙට දිනයෙන් අවසන් වීමට නියමිත අතර ඒ අනුව නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතීමට තීරණය කර ඇත.
කෙසේවෙතත් ඉන්දියාව තවදුරටත් සම්පූර්ණයෙන්ම වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිදුකරන කතාවේදී ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදුකරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 796 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ ගණන 9152 ක දක්වා ඉහල ගොස් ඇත.




