අටළුගමෙන් හමුවු පළමු ආසාදිතයා ඇසුරු කළ 20 කට කොරෝනා නෑ

Share

මේ වනවිට හුදෙකලා කර ඇති බණ්ඩාගම අටළුගම ගම්මානයෙන් හමුවූ පළමු කොවිඩ් 19 ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයින් 20දෙනෙකු බණ්ඩාරගම,අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකෙරුණේ ඉකුත් 28වැනිදායි.

 

ඉන් දින 16කට පසුව සිදුකළ PCR පරික්ෂණයෙන් අනාවරණ වී තිබුණේ ඉන් කිසිවෙකුටත් කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවයි.

ඒ අනුව යුද හමුදාවේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් එම පුද්ගයින් 20දෙනා නිවෙස් වෙත පිටත් කර යැවුණි.

මේ අතර මේ වන විටත් බාහිර සබඳතා වලින් හුදෙකලා කර ඇති අටළුගම ගම්මානයේ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිසූ ආහාර,වියළි ආහාර සහ සනීපාරක්ෂක දෑ රැගෙන ආ අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂා කිරීමෙන් පසු ඒවා ගම්මානය වෙත බෙදාහැරුණි.

Read more

Local News