වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත්වේ.
20 වනදා උදේ 6.00න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



