රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවා යළි ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Share

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ, දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂාවන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බව ය.

රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ හමුවේදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

Read more

Local News