සියලුම කැණීම් බපපත්ර සඳහා 2019 වසර සඳහා අදාළ රාජ්‍ය භාගය ගෙවා නිම කිරීමට අවස්ථාව සලසා දීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව රාජ්‍ය භාගය මහජන බැංකුවේ දෙහිවල ශාඛාවේ ගිණුම් අංක 337100196137984 යන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ගිණුමට බැර කළ හැකියි.
එලෙස බැර කිරීමේ දී බැරපතෙහි මුදල් තැන්පත් කිරීම කුමක් සඳහා ද යන්න විමසන ස්ථානයේ අනිවාර්යයෙන්ම කැණීම් බලපත්‍ර අංකය ඇතුළත් කළ යුතුයි.
එලෙස ගිණුම් ගත කිරීමෙන් පසු බැංකු බැරපතෙහි පිටපතක් දුරකථන අංක 0775 74 88 75 වයිබර් හෝ වට්ස්ඇප් හෝ hema@gsmb.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුයි.
බැංකුව – මහජන බැංකුව
ශාඛාව – දෙහිවල
ගිණුම් අංකය – 337100196137984
යම් ගැටළුවක් ඇති නම් අධ්‍යක්ෂිකා ඛනිජ හිමිකම් අමතන ලෙස ද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුම් දෙයි.
අධ්‍යක්ෂිකා ඛනිජ හිමිකම් – 0775 74 88 75