දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ සහන වැඩසටහනක්

Share

පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ බදු ගෙවන ජනතාව සහ ආයතන වෙනුවෙන් විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා කියා සිටියේ වැට් ගෙවීමට අදාළව පෙබරවාරි මාසයේ සමාගම් විසින් එකතු කළ මුදල් මාර්තු මස 20 වන දින ගෙවිය යුතු බවයි.

මාර්තු මාස‍යේ වැට් මුදල් අප්‍රේල් මස 20 වන දින ගෙවිය යුතු බවද පැවසු ඒ මහතා, ඇඳිරි නීතිය හා කොරෝනා වසංගතය හේතුවෙන් සමාගම් වසා දමා ඇති බැවින් පෙබරවාරි ගෙවීම ‍මාර්තු 20 වන දින නොගෙන අප්‍රේල් 30 වන දින තෙක් ගෙවීම් ප්‍රමාද කිරීමට රජය තීරණය කළ බවද පැවසීය.

මාර්තු වැට් මුදල් ගෙවීමට ද ඒ අනුව අප්‍රේල් මස 30 වන දින තෙක් කල් ලබා දී ඇතැයි ද පැවුස ඒ මහතා, නමුත් සමාගම්වල තොරතුරු ගණනය කිරීමට අදාළ නිලධාරීන්ට ඒ සඳහා යෑමට නොහැකි වීම හේතුවෙන් එයට යම් කාලයක් ලබා දෙන බවත් ඒ දිනය තවමත් කවදාද යන්න තීරණය කර නොමැති බවත් කියා සිටියේය.

ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දිමට කටයුතු කරන බවද පැවසු ඒ මහතා, විශාල ලෙස බදු ගෙවන්නන්ගෙන් තමා ඉල්ලීමක් කළ බවද පැවසීය.

ඒ අනුව හැකි නම් ගෙවිය යුතු බද්ද කලින් ගෙවා දමන ලෙස කල ඉල්ලීමට හොඳ ප්‍රතිචාර ලැබී ඇතැයි ද පැවසු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා බදු ගෙවන්නන්ට බැංකු සඳහා නොගොස් තමන්ගේ ගිණුමින් දේශිය අදායම් බදු කොමසාරිස්ගේ ගිණුමට එය මාරු කල හැකි online ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇතැයි ද පැවසීය.

Read more

Local News