විදෙස් රටවල් හී සිටින ලාංකික කොවිඩ් ආසාදිතයන් හදුනාගනි

Share

විදෙස් රටවලින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් දස දෙනෙකු, ඉන්දුනීසියාවේ සිව් දෙනෙකු, ඊශ්‍රායලයෙන් දෙදෙනෙකු, සයිප්‍රස් සහ ජෝර්දානය යන රටවලින් එක් ආසාදිතයෙකු වශයෙන් ශ්‍රී ලාංකික ආසාදිතයින් මේ වන විට වාර්තා වී ඇති බව සදහන්.

කෙසේවෙතත් ඔවුන්ගෙන් කිහිපදෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

තවත් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා පළ වුව ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් සනාථ කළ හැකි තොරතුරු වාර්තා වී නොමැති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.

කෙසේවෙතත් මේ වන විට රටවල් බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය ඇතුළු රටවලින් කොවිඩ් ආසාදනය වූ කිහිප දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

Read more

Local News