තවත් කොරෝනා ආසාදිතයින් 9 ක් සුවය ලබා රෝහලෙන් පිටවෙයි

Share

තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද(18) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාධිතයින්ගේ  සංඛ්‍යාව 248 දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර රෝගීන් 160 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට රෝගීන් 7 ක් කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News