පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කර ආගමික වතාවත්වල නිරත වන්න

Share

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසරක් සපිරෙන ලබන අගහරුවාදා දිනයේදී ප්‍රහාරයෙන් මියගිය, ආබාධිත වූ සියලු පාර්ශව සහිපත් කරමින් ආගමික වතාවත්වල නිරත වන ලෙස මහා සංඝරත්නය සියලු බෞද්ධාගමිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

 

පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන දිනයේදී ඒ වෙනුවෙන් සංවිධානය කර තිබූ සියලු උත්සව මේ වන විට අවලංගු කර ඇති අතර මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්ව සිටින පුද්ගලයින් වෙනුවෙන් ආගමික වැඩසටහන්වල නිරත වන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව බෞද්ධයින් ලෙස ඊට සහයෝගය දක්වන්නැයි මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරි අතිපූජ්‍ය පහමුණේ සුමංගල හිමි ජනතාවට දැනුම් දෙයි.

Read more

Local News