ළමයින් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ සායන මේ මස අවසන්වීමට පෙර නැවත ආරම්භ කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රා මාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, ගර්භනී මව්වරුන්ගේ සායන සීමා කර ඇති බවයි.
ත්‍රිපෝෂ බෙදා හැරීමේ වැඩපිළිවෙළ ද නැවත සක්‍රිය කිරීමට සැළසුම් කර ඇති බව ඇය සඳහන් කළා ය.
ගර්භනී මව්වරුන්ට ප්‍රසව වේදනා ඇති වුවහොත් කඩිනමින් රෝහල් කරා යාමට තම සායනික අත්පොත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව ද වෛද්‍ය චිත්‍රා මාලි ද සිල්වා මහත්මිය දැනුම් දුන්නා ය.



