රෝහල්වල සාමාන්‍යයෙන් සිදු කෙරෙන ශල්‍යකර්ම නොකරන ලෙස කිසිදු අවස්ථාවක චක්‍රලේඛ මගින් දැනුම් දී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, යම්කිසි පාලනයක් සහිතව රෝහල්වලට එම ශල්‍යකර්ම සිදු කළ හැකි බවය.
එහෙත් කාර්ය මණ්ඩලයේ යම් කොටසක් සේවයේ නිරත නොකර නිවෙස් රඳවා තබන්නැයි දැනුම් දී ඇති නිසා මේ දිනවල රෝහලක දෛනික රාජකාරියේ නිරතව සිටින්නේ සාමාන්‍ය දිනවල සේවයට වාර්තා කරන කාර්යය මණ්ඩල සංඛ්‍යාව නොවන බව ද එම නිවේදනයෙන් අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.
සාමාන්‍ය කාර්යය මණ්ඩල සංඛ්‍යාව නොමැති නිසා එදිනෙදා ඉටු කරන කාර්යයන්වල යම් අඩු කිරීමක් සිදු කිරීමට ඒ අනුව එම රෝහල්වලට සිදු වන බව ද එම නිවේදනයේ සඳහන් ය.
එහෙත් සාමාන්‍යයෙන් සිදු කෙරෙන ශල්‍යකර්ම හා පිළිකා රෝගීන් සම්බන්ධ ශල්‍යකර්ම සිදු කිරීමේ නොහැකියාවක් කිසිදු අවස්ථාවක ඇති නොවන බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් කල් දැමීමෙන් ගැටලුවක් ඇති නොවන ශල්‍යකර්ම පසුව සිදු කිරීමේ හැකියාවක් රෝහල්වලට පවතින බව පෙන්වා දෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කරුණු පිළිබඳ දිවයිනේ සියලු වෛද්‍ය ආයතන වෙත පැහැදිලිව දැනුම් දී ඇති බව ද අවධාරණය කරයි.
පිළිකා රෝහලේ ප්‍රතිකාර සහ සැත්කම් සිදු කලත් අනෙකුත් රෝහල්වල සැත්කම් ආරම්භ කිරීම සඳහා නිසි චක්‍රලේඛයක් නැතැයි ඇතැම් පාර්ශව පළ කරන අදහස් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම නිවේදනයෙන් පෙන්වා දෙනු ඇත.



