අප්‍රිකාව කොවිඩ් ව්‍යාප්තියේ මීළග කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (17) අනතුරු ඇගවීමක් නිකුත් කළේය.
ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ, ඉන් අප්‍රිකාවේ පුද්ගලයින් ලක්ෂ තුනක් මියයා හැකි බවයි.
එමෙන්ම මෙම තත්ත්වය යටතේ අප්‍රිකාවේ මිලියන 30ක ජනයා උග්‍ර දරිද්‍රතාවක් දක්වා යා හැකි බවත් එම වාර්තා වැඩිදුරටත් සදහන්.
ගතවූ සතියේදී අප්‍රිකාවේ කොවිඩ් ව්‍යාප්තිය කැපී පෙනන ආකාරයෙන් ඉහළ ගිය අතර මේ වනවිට අප්‍රිකාවෙන් ආසාදිතයින් විසිදහසකට ආසන්න පිරිසක් හදුනාගෙන තිබුණි.
සිදුව ඇති මරණ ගණන දහසකට අධිකයි.
ගතවූ පැය විසිහතරේදී බ්‍රිතාන්‍යයෙන් කොවිඩ් මරණ 847ක් වාර්තාවුණේ අමෙරිකාවෙන් පසුව වැඩිම දෛනික මරණ සිදුවූ රාජ්‍ය බවට පත්වෙමින්.
ඒ අනුව එරට සමස්ත මරණ ගණන 14,576 දක්වා ඉහළ ගියේය.
එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියේ වැඩිම බලපෑම තවදුරටත් බටහිර යුරෝපානු කලාපය වෙළාගෙන ඇති අතර ඉන් ගතවූ පැය විසිහතරේදී පමණක්, ප්‍රංශයෙන් මරණ 761ක්, ස්පාඤ්ඤයෙන් මරණ 687ක්, ඉතාලියෙන් 575ක්, බෙල්ජියමෙන් 306ක් සහ ජර්මනියෙන් මරණ 300ක් වාර්තා වී තිබුණි.
මේ අතර දකුණු අමෙරිකාවේ ප්රබලතම රාජ්‍යය වන බ්රසීලයෙන්ද ඊයේ දිනයේ කොවිඩ් මරණ 194ක් වාර්තාවුණේ එරට සමස්ත මරණ ගණන 2,141 දක්වා ඉහළ දමමින්.
ඒ සමගින් කලාපයේ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානයක්ද යොමුව ඇති බව විදෙස් වාර්තා පවසන්නේය.
මේ අතර දකුණු ආසියානු කලාපයෙන් වෛරසයේ වැඩිම බලපෑමට ලක්වූ ඉන්දියාවේ ආසාදිතයින් ගණන, ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 922ත් සමගින් 14,000 ඉක්මවයි.
එමෙන්ම එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 486ක්.
ඉන්දියාවේ කොවිඩ් අධි අවදානම් නගරයක් ලෙසින් හදුනාගෙන ඇති, මුම්බායි හි නාවික නිරෝධායන මධ්‍යස්ථානයකින් ආසාදිත නාවිකයින් 20කට ආසන්න පිරිසක් හදුනාගැණුනී.
එය සැලකෙන්නේ, ඉන්දීය නාවිකයින් ආසාදිත බවට පත්වූ පළමු අවස්ථාවද ලෙසයි.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියෙන් ලොවපුරා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන විසිදෙලක්ෂ පනස් දහසක් ලෙසින් සටහන් වූ අතර, පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව පන්ලක්ෂ හැත්තැ එක්දහසක්.




