රත්තොට සමෘද්ධි නිලධාරිවරයාට පහර දුන් සැකකරුවන් 4 ක් රිමාන්ඩ්

Share

රත්තොට පොලිස් වසමේ පුස්සැල්ල සමෘද්ධි කාර්යල නිලධාරීවරයාට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

ඊයේ(17) උදෑසන පුස්සැල්ල සමෘද්ධි කාර්යාල පරිශ්‍රය තුළ දී සමෘද්ධි සහන බෙදා හැරීම සඳහා අයඳුම්පත් සකස් කරමින් සිටින අවස්ථාවේ දී සමෘද්ධිලාභීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා අතර බහින්බස් වීමක් හට ගෙන ඇත.

එම අවස්ථාවේ දී පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අදාල සමෘද්ධි නිලධාරීවරයාට පහර දීම හේතුවෙන් ඔහු තුවාල ලබා රත්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහර දීම සම්බන්ධයෙන් පුස්සැල්ල, ගම්මඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු රත්තොට පො‍ලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද(18) දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරව අප්‍රේල් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

Read more

Local News