අප්‍රේල් 20 වනදා සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සේවයට වාර්තා කිරීමට අදාළ නිර්දේශ කිහිපයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ආයතන සේවකයින් තුනෙන් එකක් සේවයට වාර්තා කළ යුතු වේ.
සෙසු දිස්ත්‍රික්කවල රාජ්‍ය සේවකයින් සියයට 50ක් සේවයට වාර්තා කළ යුතු බව අදාළ නිර්දේශවල සඳහන්.
එමෙන්ම සේවයට වාර්තා නොකරන රාජ්‍ය අංශයේ සේවකයින් නියම කළ පරිදි රාජකාරි කළ යුත්තේ නිවසේ සිටයි.
අදාළ ආයතනවල සේවයට වාර්තා කළ යුතු සේවකයින් කවුරුන්ද සංඛ්‍යාව කොපමණ යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතයට අනුව තීරණය කළ යුතු වේ.



