සෞඛ්‍ය අංශ පිළිබඳ කිසිඳු දැනුමක් නොමැති පුද්ගලයින් ප්‍රකාශ සිදු කිරීම ඉතා නුසුදුසු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කළේ මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් පිළිබදව සත්‍ය සංඛ්‍යාලේඛණ ආණ්ඩුව විසින් සඟවන බවට දෙමළ ප්රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා ඊයේ (17) දින සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.



