කොරෝනා ආසාදිතයින් ගණන 256 දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.

 

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 256 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම , කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර , ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 91 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර පුද්ගලයින් 155 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Read more

Local News