චීනයේ මරණ සංඛ්‍යාව හෙළි කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් ලොව වැඩිම මරණ සිදුවූ රට අමෙරිකාව නොව චීනය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වාදී තිබුණේ වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු චීනය වසන් කරන බවයි.

කොවිඩි නයින්ටීන් වෛරසයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව සංශෝධනය කිරීමට එරට බලධාරීන් කටයුතු කර දින දෙකකට පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකිරීම විශේෂත්වයක්.

වෛරසයේ බලපෑමෙන් වැඩිම මරණ සිදුවූ රට අමෙරිකාව නොවන අතර මරණ සංඛ්‍යාවෙන් අමෙරිකාව චීනයේ ආසන්නයට හෝ පැමිණ නොමැති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

චීනය එලෙස තොරතුරු වසන් කරන බව සියලු දෙනා දන්නා කරුණක් වන අතර ඒ පිළිබඳ තමා නුදුරු දිනක දී හෙළිදරව් කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read more

Local News