ලංකාවේ කෙරෝනා ආසාදිතයින් ගණන 304 දක්වා ඉහළට

Share

එක් දිනක් තුළ මෙරටින් හඳුනාගැනුණු වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන වාර්තා වූයේ අද(20) දිනයේදීයි.

 

ඒ මීට සුළු වේලාවකට පෙර හඳුනා ගත් කොරෝනා ආසාදිතයා සමඟයි.

අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයන් තිස් තුන්දෙනා සමඟ මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 304 ක්.

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් 24 දෙනෙකු එකවර අද හඳුනාගැනුණේ කොළඹ 12, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන්.

ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්.

අද පස්වරුවේ හඳනාගැනුණු 08 දෙනාද කෙසෙල්වත්තෙන් හඳුනාගත් අය වන අතර ඒ අනුව එම ප්‍රදේශයෙන් අද වන විට වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 47 ක්.

අනෙක් පුද්ගලයා ද අද සවස වාර්තා විය .

මේ අතර එක් රෝගියෙක් ද අද සවස පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 98 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 199 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදිත මරණ 7 ක් ද මේ වන විට වාර්තා වී ඇත.

Read more

Local News